මන්නාරම මඩු කීරි සුඩ්ඩාන් රක්ෂිතයට ආසන්නයේ යුද සමයේදී එල්.ටී.ටී.ඊ. කඳවුරක්ව පැවති ස්ථානයක වලදමා තිබූ කොටි බෝම්බ තොගයක් ගුවන් හමුදාවේද සහයෙන් මඩු පොලීසිය විසින් ඊයේ (09දා) සොයා ගෙන ඇත.
වන්නි වේලාන් කුලම් ප්රදේශයේ පිහිටි ගුවන් හමුදා කඳවුරට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෛ බෝම්බ තොගය පිළිබඳ මඩු පොලීසියට තොරතුරු දැනවීමෙන් පසුව මඩු පොලීසිය විසින් මන්නාරම් මහෙස්ත්රාත් ඇලෙක්ස් රාජා මහතාගේ අධිකරණ නියෝගයක් මත අදාළ බෝම්බ තොගය ගොඩ ගැනීමට කටයුතු කරන ලදි.
පුද්ගල නාශක බිම් බොම්බ 27 ක් සහ මිලිමීටර් 60 වර්ගයේ මෝටාර් උණ්ඩ 5ක් මෙහිදී සොයාගෙන තිබේ.