ෙමන්නාරම දිසාව බාර නව රදගුරු පියතුමන් ලෙස ආචාර්ය ලයනල් ඉමානුවේල් ප්රනාන්දු පියතුමා ඊයේ (30දා) සවස අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් පියතුමන්ගේ ප්රධානත්වයෙන් මන්නාරම රදගුරු නිවසේදී වැඩ බාරගනු ලැබීය.
මන්නාරම දිසාව බාර රදගුරු පියතුමා ලෙස කටයුතු කළ රායප්පු ජෝශප් පියතුමා රෝගාතුරවීමෙන් අනතුරුව පුරප්පාඩු වූ මන්නාරම දිසාව භාර රදගුරු පියතුමා ලෙස ලයනල් ඉමානුවේල් ප්රනාන්දු පියතුමා අද (31දා) දින සිට වැඩකටයුතු ආරම්භ කරනු ඇත
රායප්පු ජෝශප් රදගුරු පියතුමා රෝගාතුරවීමෙන් අනතුරුව මන්නාරම දිසාව බාර වැඩබලන පාලක රදගුරු පියතුමන් ලෙස කිංස්ලි ස්වාමිපිල්ලේ පියතුමා පසුගිය වසර දෙකක පමණ කාලයක් කටයුතු කරනු ලැබීය.