මන්ත්‍රීවරුන් එහාමෙහා වූවා කියා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට කිසිදු බලපෑමක් නොමැති බවත්, මන්ත්‍රීවරුන් එහාමෙහා වූවා කියා යම් හෝ බලපෑමක් සිදුවෙනවා නම් එය සිදුවිය හැක්කේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකදී බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් පවත්වනු ලබන දෛනික මාධ්‍ය හමුවේදී ඊයේ (10දා) මේ බව සඳහන් කළ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා වැඩිදුරටත් පැවසුවේ, ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය විජයග්රහණයක් කිරීමේ මංගල රැලිය අද (11දා) අනුරාධපුරයේදී පවත්වන බවයි.
මැතිවරණ දිස්ත්‍රික් 22 ක් සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන දිස්ත්‍රික් රැලි 22ක් ඇතුළුව ප්‍රධාන රැලි 27ක් පවත්වන බවද ඔහු පවසා සිටියේය.
මීට අමතරව දැනුවත් කිරීමේ වැඩසටහන්, මැතිවරණ කොට්ඨාස මට්ටමින් ප්රචාරක රැලි, ගෙයින් ගෙට යාමේ දැවැන්ත මැතිවරණ ව්‍යාපාරයක් දියත් කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.