රුපියල් ලක්ෂයක පඩියක් මන්ත්‍රීවරයෙකුට ජීවත් වීමට නොහැකි බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
"ඇත්ත වශයෙන්ම අපේ මන්ත්‍රීවරු දිහා බැලුවහම ඔවුන්ට පඩිය හම්බ වෙන්නේ රුපියල් පනස්දාහයි. මගේ අමාත්‍යාංශයේ හයිවේ එක ළඟ සල්ලි ගන්න ටෙලර්ගේ පඩිය රුපියල් 65,000 ක්. මන්ත්‍රීවරයෙකුට හම්බ වෙන ඔක්කෝම එකතු කරාම රුපියල් ලක්ෂයයි හම්බ වෙන්නේ.
ඉතිං රුපියල් ලක්ෂයකින් මන්ත්‍රීවරයෙකුට ජීවත් වෙන්න පුළුවන්ද? මේ නිසා පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී අපි යෝජනා කළා මන්ත්‍රීවරුන්ගේ පඩිය වැඩි කරමු කියලා. මේකට ඔක්කෝම කැමැති වුණා. හැබැයි එළියට ආවට පස්සේ මේකට කැමති වුණ අයම ලකුණු දාගන්න මාධ්‍ය සාකච්ඡා තියලා ඒකට විරුද්ධ වුණා. " යැයි අමාත්‍යවරයා පැවැසිය.
ගම්පොලදී පැවැති උත්සවයකදි ඔහු මෙම අදහමස් දැක්වීය.