පසුගිය ජනාධිපතිවරණ සමයේ පක්ෂ කාර්යාලයකට වෙඩි තැබිමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පොලොන්නරුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රොෂාන් රණසිංහට අද ඇප නියම කෙරිණ. එහිදී ඔහු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට සහ මන්ත්රීවරයාගේ විදෙස් ගමන් තව දුරටත් තහනම් කරීමට මහේස්ත්රාත්වරයා නියෝග කරතිබේ.