පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ බාල පුතු හා සහ තවත් අයෙකු රිය අනතුරකින් බරපතල තුවාල ලබා ඊයේ ( 22 දා ) පස්වරු 6.30ට පමණ හලාවත දිස්ත්රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ හලාවත සේදවත්තේ පදිංචි මන්ත්රී පුතා වන තුෂාන් අබේසේකර ( 21 ) සහ හලාවත වට්ටක්කලියේ පදිංචි ඩබිලිව්. ශාන් ප්රනාන්දු ( 22 ) නමැති දෙදෙනාය.
තුවාලකරැවන් යතුරැ පැදියක නැගී හලාවත දෙසට එන අතර වේගය පාලනය කර ගත නොහැකිව බංගදෙනිය ලුණුඔය පාලම මත දි පාරෙන් ඉවතට පැන පාලම් ගැට්ටේ වැදි අනතුරට පත්ව ඇති බවත් යතුරැ පැදිය දෙකට කැඩි තිබු බවත් එය ලියාපදිංචි කර නොතිබු එකක් බවත් පොලිසිය කියයි.
තුෂාන් අබේසේකරගේ තත්ත්වය බරපතල නිසා ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. හලාවත පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
හලාවත සුපුන් හංසන