පාර්ලිමේන්තු මන්ත්රි නාමල් රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් රුපියල් 239,550 මුදලක් වංචාකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
අවන්හලක් සදහා සංචාරක මණ්ඩලයේ අනුමැතිය හා රට බීම අලෙවි බලපත්රයක් ලබාදෙන බව පවසා මෙම මුදල් වංචාකර තිබේ.
සැකකරු පෙරේදා (20දා) අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඊයේ (21දා) අළුත් කඩේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර තිබේ.