රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හා එහි නියෝජිතයන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී වතුර සේනාරත්න මහතා අපහාසාත්මක වන අයුරින් කටයුතු කරන නිසා ඒ පිළිබඳව කථානායක කරු ජයසූරිය මහතාට පැමිණිලි කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මීට අමතරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තර්ජනය කර ලිපියක් ලැබී තිබෙන නිසා මන්ත්‍රීවරයාගේ තර්ජන කිරීම හා අදාළ ලිපිය සම්බන්ධකමක් තිබේද යන්න සොයාබලන ලෙසට පොලිස්පතිවරයාට පැමිණිලි කරන බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය.
අද (02දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
වෛද්‍යවරයෙකුට යම් සිදුවීමක් සිදුවුවහොත් එහි වගකීම මන්ත්‍රීවරයා විසින් භාරගත යුතු බවද ඔහු පවසා සිටියේය.