එක්සත් ජාතික පක්ෂයේ දඹුල්ල ආසනයේ ප්‍රධාන සංවිධායක මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සංජීව කවිරත්න මහතා අද (16දා) පෙරවරුවේ මහනුවර මහ රෝහලේදී අභාවප්‍රාප්ත විය.
මහනුවර මහ රෝහලේදී මීට දින කිහිපයකට පෙර සැත්කමකටද මුහුණදුන් ඒ මහතා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ හදිසියේ අභාවයට පත්විය.
දෙදරු පියෙකු වූ ඒ මහතා මියයන විට 44 වැනි වියෙහි පසුවිය.
1970 වර්ෂයේ රත්තොටදී උපන් සංජීව කවිරත්න මහතා මාතලේ ශාන්ත තෝමස් විදුහලින් හා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත. රත්තොට හිටපු අමාත්‍ය පී.බී. කවිරත්න මහතාගේ පුතෙකු වන සංජීව මහතා 2001 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළේය.
රත්තොට රුවන් ධනංජය