පොළොන්නරුව මනම්පිටිය කොටලීය පාලම යට තිබූ ටී පනස්හය ගිනි අවියට භාවිත කරන ජීව උණ්ඩ 6011 ක් පොළොන්නරුව පොලීසිය විසින් අද (15දා) සොයාගෙන ඇත. ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයෙකුට මුලින්ම මෙම උණ්ඩ හමුවී ඇති අතර, පසුව පොළොන්නරුව පොලීසියේ නිලධාරීන් විසින් මෙම උණ්ඩ දියෙන් ගොඩට ගැනීමට කටයුතු කර ඇත.
එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් විසින් සඟවා තබන්නට ඇතැයි සැකකෙරෙන මෙම උණ්ඩ තොගය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු පොළොන්නරුව පොලීසිය විසින් සිදුකරයි.
තුෂාර - පොළොන්නරුව