විවාහ මංගල්‍යයෙන් පසුව මධුසමය ගත කිරීමට දෙල්තොට හෝටලයකට ගිය යුවළක මනාලයා රාත්‍රී දොලහට (12) පමණ අතුරුදන්ව ඇතැයි ගලහ පොලීසිය කියයි.
මෙසේ අතුරුදහන්ව ඇත්තේ යුධ හමුදාවේ වසර දහයක් පමණ සේවය කරන දෙල්තොට රැලිමංගොඩ පදිංචි වයස අවුරුදු තිස් තුනක් වන ජී. ධර්මසේන නැමති පුද්ගලයෙකි. ඔහු මුල්ගම පදිංචි වයස අවුරුදු 23 ක් වන ආර්.ජී. ප්‍රියංකා නැමති කාන්තාව සමග පසුගිය 29දා විවාහ වී තිබේ.
මංගල උත්සවයෙන් පසු මධුසමය ගත කිරීමට දෙල්තොට විලේජ් නැමති හෝටලයට ගොස් ඇත.
රාත්‍රී දොලහට පමණ මනාලයා කාමරයෙන් එළියට ගොස් ඇති අතර නැවත කාමරයට පැමිණ නැත. එළිවනතුරුත් ඔහු නොපැමිණි නිසා මනමාලිය ගලහ පොලීසියට පැමිණිලි කොට ඇත. පොලිසිය මගින් නිල සුනඛයින් යොදාගෙන අතුරුදන් වූ පුද්ගලයා සොයාගැනීමට උත්සාහ කළත් ඔහු පිළිබඳ කිසිම තොරතුරක් තවමත් නැතියි පොලීසිය කියයි.
තලාතුඔය අසේල වික්‍රම