දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (4දා) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම වැසි වයඹ පළාත දක්වා ද පැතිර යා හැකි බවත්, සමහර ස්ථානවල තරමක තද වැසි (මි.මී 75 ට වැඩි ) ද ඇති විය හැකි බවත් දෙපාර්තමේන්තුනව පවසයි.
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවද පෙන්වා දෙයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තුවිය හැකි බවත්, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් දෙපාර්තමේන්තුව පවසයි. අකුණු මගින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.