මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විපක්ෂ නායක රංජිත් අලූවිහාරේ මහතා විසින් පළාත් සභාවේ නියෝජ්‍ය ලේකම්වරයාට අද භාරදුන්නේය . එම යෝජනාවට මන්ත්‍රීවරුන් 19ක් අත්සන් තබා තිබේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ද ඊට අත්සන් තබා ඇතැයිද වාර්තාවේ. පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහි චෝදනා 9ක් පදනම් කරගන්මින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.