මධ්මය පළාත් සභාවේ මහ ඇමති ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කරන ලෙස ඉල්ලමින් එම පළාත් සභාවේ මන්ත්‍රීවරු 32ක් පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල මහත්මියට දිවුරුම් ප්‍රකාශ බාර දී තිබේ.
සරත් ඒකනායක මහතා මධ්‍යම පළාත් මහ ඇමති ලෙස කටයුතු කරයි.
මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරු 58ක් සිටින අතර බහුතරයකගේ කැමැත්ත ප්‍රමිත බණ්ඩාර මහතාට ලැබී තිබේ.
සිය දිවුරුම් ප්‍රකාශ සඳහා පිළිතුරක් ලැබෙන තුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයෙන් ඉවත්ව නොයන බව එම මන්ත්‍රීවරු පවසති.