මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට රාත්‍රී කාලයේදී ඇදහැළුන ධාරාණිපාත වර්ෂාවත් සමග ඝන මීදුම් තත්ත්වයක් ඇතිවීමෙන් ප්‍රධාන මාර්ගවල ගමනාගමනයට දැඩි බාධා පැමිණ තිබේ.
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේත්, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත් කිතුල්ගල සිට වටවල දක්වාත් ඉදිරිපසින් පැමිණෙන වාහනය නොපෙනෙන තරමට ඝන මීදුම් තත්ත්වය ඇතිව තිබේ.
මෙවැනි ඝන මීදුම් තත්ත්වයක් පවතින අවස්ථාවල එම තත්ත්වය පහව යනතෙක් සෙමින් වාහන ධාවනය කිරීමට හෝ වාහන ධාවනයෙන් වැළකී සිටින ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.