මධ්‍යම අධිවේගයේ දෙවැනි කොටසේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය රුපියල් බිලියන 23.2ක මුදල ජාතික ඉතිකිරීමේ බැංකුවෙන් හා මහජන බැංකුවෙන් ණයක් ලෙස ලබාගැනීමට නියමිතය.
මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවැනි කොටසේ ඉදිකිරීම් ඊයේ (01දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයේ ආරම්භ විය.එම ණය මුදල් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලබාදිමට නියමිත අතර දෙවැන කොටසේ දිග කිලෝමීටර් 39.7කි.
දේශීය බැංකු දෙකකින් ණය ප්‍රමාණය ලබාගැනීමට අදාළව මුදල් අමාත්‍ය රවි කරුණනායක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.