ජාතික මදුරු මර්දන සතිය පසුගිය වැනිදා 29දා සිට ආරම්භ කෙරුණු බවත්, මේ වනවිට සිදුකළ පරීක්ෂණවලදී මදුරුවන් බෝවන ස්ථාන එක්ලක්ෂ තුන්දහස් දෙසීය තිස් නවයක් සොයාගෙන ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය 'අද' පුවත්පතට පැවසුවාය.
එම සොයාගත් ස්ථානවලින් 8207 ක් මදුරු කීටයන් සහිත ස්ථාන බවත්, මේ වනවිට පරිශ්‍ර හාරලක්ෂ හැත්තෑ තුන් දහස් එකසීය හතක් පරීක්ෂා කර අවසන් බවත් පවසා සිටියාය.
ජනාධිපති ඩෙංගු කාර්යසාධක බළකාය, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු ආයතන කිහිපයක් එකමුතුව මෙම මදුරු මර්දන වැඩසටහන දීපව්‍යාප්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 08 ක් තුළ ක්‍රියාත්මක වේ.
චන්ද්‍රසිරි මනම්පේරි