(UPDATE) 19.00 PM
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ව ලබන 07 දා දක්වා රිමාන්ඩි කිරීමට නියෝගකර තිබේ. ඒ මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ සිද්ධියට අදාළව අයුතු ජනරාශිය සම්බන්ධයෙනි.
මෙම සිද්ධියට අදාළව අද උදෑසන මව්වරුන් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව ලබන 07 වන දින දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
(UPDATE) 4.39 PM
අයුතු ජන රාශියක සාමාජිකයින් වීම,පාසල පැවැත්වෙන අවස්ථාවේ පාසලට බලහත්කාරයෙන් ඇතුළුවීම්, විදුහල්පතිවරයෙකු සාපරාධී බලහත්කාරකම් කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් මවුවරුන් තිදෙනා එළැඹෙන 07දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම මතුගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
මේ අතර කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාද රෝහලෙන් ටිකට් කපාගෙන අධිකරණයට බාර වීමට පැමැණියද අද දිනයේදී අධිකරණ කටයුතු අවසන් ව තිබූ හෙයින් ඔහුට අධිකරණයට බාර වීමට නොහැකි විය.
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා යටතේ මීගස්තැන්න ප්‍රාථමික විදුහලට ළමුන් ඇතුළත් කිරිමේ සිද්ධියට අදාළව එම දරුවන්ගේ මව්වරුන් 9 දෙනෙක් පොලීසිය විසින් අද (05දා) අත්අඩංගුවට ගන්නා ලදී.
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා යටතේ මීගස්තැන්න ප්‍රාථමික විදුහලට ළමුන් ඇතුළත් කිරිමේ සිද්ධියට අදාළව එම දරුවන්ගේ මව්වරුන් 9 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී..
අද (05දා) මවුවරුන් පොලීසියට කැඳවා තිබූ අතර අයුතු ජන රාශියක සාමාජිකයින් වීම,පාසල පැවැත්වෙන අවස්ථාවේ පාසලට බලහත්කාරයෙන් ඇතුළුවීම්, විදුහල්පතිවරයෙකු සාපරාධී බලහත්කාරකම් කිරීම යන චෝදනා යටතේ ඔවුහු අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔවුහු මතුගම මහේස්ත්‍රාත් අධිකරයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කලුතර සුනිල් එස්. තන්ත්‍රීආරච්චි