යුරෝපා මත්ස්‍ය තහනම ඉවත්වනවාද නැද්ද යන්න හෙට (21දා) තිස්සමහාරාමයේ සිට මුළු රටටම ප්‍රකාශ කරන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන්කළේය. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර තිබෙන බවට තමාගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියෙකු මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙන්නේ අත්වැරදීමකින් බවද පවසා සිටියේය.
තවමත් යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් වී නොමැති බවත්, තහනම ඉවත් කරගැනීම පිළිබඳව හෙට දිනයේදී තිස්සමහාරාමයේ සිට බ්‍රසල්ස් නුවර නියෝජිතයන් සමග සාකච්ඡාවක් පවත්වන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.