ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනය සඳහා යුරෝපා සංගමය පනවා තිබූ තහනම ඉවත්කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ආමාත්‍යාංශයේ මාධ්‍ය සම්බන්ධීකාරක ඩබ්.එම්.ඩී. වන්නිනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කෙසේ වෙතත් ඔහු ඊට පෙර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අදාළ මත්ස්‍ය තහනම ඉවත්කිරීමට මේ මස 21දා කටයුතු කරන බව යුරෝපා සංගමය විසින් දැනුම් දී ඇති බවයි.
නමුත් පසුව ඔහු නිවෙදනයක් නිකුත් කරමින් පැවැසුවේ මාධ්‍ය වාර්තා කළ කරුණු අසත්‍ය බවත් 21දාට පැවැත්වෙන්නේ ඒ පිළිබඳව වන තීරණාත්මක සාකච්ඡාවක් බවත්ය.