මත්පෙති ජාවාරමේ නියැලි 4දෙනෙක් රිමාන්ඩ් ගත කර ඇති බවත්, එයට ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ලේකම්වරයෙකුද සම්බන්ධ බවටත් වාර්තා වන තොරතුරු සාවද්‍ය බව ජාතික හෙළ උරුමය නිවේදනය කරයි.
අතුරලියේ රතන හිමියන්ගේ සම්බන්ධීකරණ ලේකම් පවසන පුද්ලගයා යැයි සදහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැත්වෙන වැඩසටහන්වලට එක්වන එක් අයෙක් පමණක් බවත් ඔහු කිසිසේත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ කාර්ය මණ්ඩලයේ හෝ එම ආයතනයේ නිලධාරියෙක් නොවන බවත් එම පක්ෂය නිවේදනය කරයි.
“මත්උවදුර පිටුදැකීමේ සටනේ නියමු කාර්යභාරයක් ඉටු කරන පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හා ජාතික හෙළ උරුමය ඉලක්ක කරගෙන උන්වහන්සේගේත් ජාතික හෙළ උරුමයේත් කීර්තිනාමය විනාශ කිරීමේ අභිමතාර්ථයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා ඔවුන් සමග සම්බන්ධකම් පවත්වන ඒ මත යැපෙන ඇතැම් දුෂිත නිලධාරින්ගේ උවමනාව මත චරිත ඝාතනය කිරීම අරමුණු කරගෙන කි‍්‍රයාවට නගන ලද පහත් පෙළේ දේශපාලන මෙහෙයුමක් බව අප ජනතාවට අවධාරණය කරමු” යනුවෙන් හෙළ උරුමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.