මත්ද්‍රව්‍ය සහ මත්පැන් සඳහා මෙරට එක් ග්‍රාමසේවා වසමක් වසරකට මිලියන 15 ක් වැයකරන බව සමීක්ෂණ මගින් අනාවරණය කරගෙන ඇති බව ශ්‍රීලංකා අමද්‍යප මහා සභාවේ ලේකම් ශාක්‍ය නානායක්කාර මහතා පැවසීය.
මේ හරහා රට සංවර්ධනය කිරීමට ඇති ධනය විශාල ප්‍රමාණයක් විනාශවන බවත්, මෙම තත්ත්වය නැවැත්වීමට වැඩපිළිවෙළක් වහාම අවශ්‍ය බවත් ශාක්‍ය නානායක්කාර මහතා පැවසුවේ අද(20දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එමෙන්ම වයස අවුරුදු 18 – 21 අතර ළමයින්ට මත්පැන් හා මත්ද්‍රව්‍ය අලෙවිය තහනම් කරමින් නීතිපනවා තිබුණද එම නීතී ක්‍රියාත්මක නොවන බවත්,තවදුරටත් ළමුන්ට මත්පැන් හා මත්ද්‍රව්‍ය අලෙවිය සිදුවන බවත් හෙතෙම කීය.
එමෙන්ම මත්පැන් හා මත්ද්‍රව්‍ය පිළිබඳ සෘජු ප්‍රචාරණය තහනම්කර ඇති බැවින් එම සමාගම් මේවනවිට වක්‍ර ප්රචාරණයන්ට යොමුවී ඇති අතර, මේසම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවිය යුතු බවද නානායක්කාර මහතා ප්‍රකාශකළේය.
මෙහිදී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පැවසුවේ මත්පැන් භාවිතය වැඩිම රටවල් අතරින් ලංකාව ප්රමුඛ ස්ථානයේ පසුවන අතර, මෙම තත්ත්වය රටේ නාමයට අපකීර්තියක් එක්කරන බවයි.
කෙසේවෙතත් මෙම තත්ත්වය වෙනස් කිරීමට නීති සම්පාදනය කළ යුතු බවත්, සියදිවි නසා ගැනීමට ප්රමුඛ හේතුව මත්පැන් පානය බව තහවුරු කරගෙන ඇති බවත් විජේසුන්දර මහත්මිය ප්‍රකාශකළාය.
ශ්‍රීලංකා අමද්‍යප මහා සභාවේ 104 වැනි සංවත්සරය 23දා කොළඹදී පැවැත්වීමට නියමිත බවද මෙහිදී ප්‍රකාශවිය.
ඡායාරූප - ඉසුරු පෙරේරා