මත්ද්‍රව්‍ය නිවාරණ මාසයක් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර එය හෙට (09) සිට අගෝස්තු 08දා දක්වා ක්‍රියාත්මක වේ. මෙදින මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ විශේෂ පණිවිඩයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කිරීමට නියමිත අතර මෙය දිවයින පුරා පිහිටි පාසල් 10,300ක විදුහල්පතිවරුන් මාර්ගයෙන් කියවීමට ද නියමිතය. මෙම මාසයක කාලය තුළ පාසල් තුළ විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාකාරකම් සිදුකිරීමට ද නියමිතය. මත්ද්‍රව්‍ය නිවාරණ මාසයේ ආරම්භක වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ජා ඇලදී පැවැත්වේ.