එක්සත් ජාතික පක්ෂය නාමයෝජනා ගැන අවසන් තීන්දුවක් ගැනීමට පෙර කුඩු, එතනෝල් හා වෙනත් නීති විරෝධී මත්ද්‍රව්‍ය ව්‍යාපාරවලට සම්බන්ධවූවන් පිළිබඳව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙන් තොරතුරු වාර්තාවක් කැඳවන බව ඇමති කරු ජයසූරිය මහතා පවසයි.
නාමයෝජනා ලබාදුන් පසු එවැනි කරුණු හෙළිදරව් වුවහොත් කුමන දේශපාලන අවාසියක් සිදුවුවද ඔවුන්ගේ නාමයෝජනා අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගනු ඇති බවද හෙතෙම කියා සිටියි.