මත්ද්‍රව්‍ය ලෙස යොදා ගන්නා ඖෂධ අලෙවිකරන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන ලෙසට අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට උපදෙස් ලබාදී තිබේ.
ඖෂධ මත් ජාවාරම නවතා දැමීමට පවතින නීතිරීති ප්‍රමාණවත් නොවනවා නම් නව නීති සම්පාදනය කර හෝ මෙම උවදුර නවතා දැමීමට කටයුතු කරන ලෙසට පොලීසියට පොලිස් විශේෂ කාර්ය බලකායට හා අන්තරයාකර ඖෂධ පාලක මණ්ඩලයට උපදෙස් ලබාදී ඇත.
මීට අමතරව මත් ද්‍රව්‍ය ලෙස යොදාගන්නා ඖෂධ නිසි අවසරයක් නොමැති අලෙවි කිරීම පාලනය කිරීමට හා වැටලීම සිදුකිරීමට අවශ්‍ය නීති සකස් කරන ලෙසටත් බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
නීති විරෝධී ලෙසට මෙරටට ගෙන එන ඖෂධ රටතුලට ගෙන ඒම වැළැක්වීමට අවශ්‍ය කටයුතු කරන ලෙසටත් නාවික හමුදාවට පොලීසියට හා පොලිස් විශේෂ කාර්ය බලකායට උපදෙස් ලබාදී ඇත.