මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13.5 ක් සමග මෙරට මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයන් 06 දෙනා කන්කසන්තුරේ වරායට රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කොමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතා සඳහන් කළේය.
මෙම පිරිස් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බාරදීමට කටයුතු කරන බවත්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බවත් ඔහු කියා සිටියේය.
අත්අඩංගුවට ගෙන තිබෙන මත්ද්‍රව්‍ය තොගය හෙරොයින්ද, වෙනත් මත්ද්රව්යයක්ද යන්න පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ පරීක්ෂණවලින් පසු හෙළිවනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.