හම්බන්තොට වරයා හා මත්තල ගුවන්තොටුපොළ පෞද්ගලීකරණය නොකරන ලෙසත්, පසුගිය රජය විසින් කරගෙන ආ සංචර්ධන ව්‍යාපෘති නතර නොකොට අඛණ්ඩව ඉදිරියට කරගෙන යාම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඉල්ලීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහති සඳහන් කළේය.
සන්ධාන රජය මගින් සිදුකළ සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව කරගෙන යන ලෙස බලකරමින් දෙබරවැව ප්‍ර දේශයේ පැවැති විරෝධතාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් දැක්වීය.
" එක පැත්තකින් මත්තල ගුවන්තොටුපළ කරගෙන ආපු වැඩපිළිවෙල නතර කරලා. අනෙක් පැත්තෙන් හිටපු ජනාධිපතිතුමාගේ කාලය තුළ දකුණු අධිවේගී මාර්ගය අරම්භ කරන්න කටයුතු කරලා තිබුණා. දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඉල්ලීම තියෙන්නේ ඒ අධිවේගී මාර්ගය නැවත පටන්ගන්න, වරාය හා ගුවන්තොටුපළ පුද්ගලිකරණය නොකර කරගෙන ආපු වැඩපිළිවෙල සාර්ථක විදියට අරගෙන යන්න කියන එකයි" යැයි ඔහු සඳහන් කළේය.