මත්තල ගුවන්තොටුපළේ වී තොග හෙට (14දා) සිට මුදාහැරීමට කටයුතු කරන බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මත්තල වී ගුවන් තොටුපළේ වී ගබඩා කිරීම සම්බන්ධයෙන් යම් යම් විරෝධතා මතුවුවද, ගොවීන්ගේ වී මිලදී ගෙන ගබඩා කිරීම තුළින් ගොවීන්ට සෙතක් සැලසුණු බවයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "මුල් කාලීනව වී ආණ්ඩුවට ගන්නෙ නෑ කියලා ආණ්ඩුවට මැසිවිලි නැගුවා. අපේ ආණ්ඩුව තමයි ආණ්ඩුවෙ වැඩිම වී තොග මිලදී ගත්තේ. පළමු වැනි වතාවට වී අලෙවි මණ්ඩලය වී ටෙන්ඩර් කරලා විකුණන්න පටන් ගත්තා. හැමදාම ඇමතිගෙ ලේකම්ගෙ ලැයිස්තුවට වී නිකුත් කෙරුවෙ. හැබැයි අපි බොහොම විනිවිදභාවයෙන් වී නිකුත් කරන්න පටන්ගෙන තිබෙනවා." යැයි පැවසීය.
රාහුල් සමන්ත / සංජීව රත්නායක