ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් බවට පත්කිරීමට පසුගිය ආණ්ඩුවට අවස්ථාව තිබුණත් අර්බුදකාරී ආර්ථික මූලධර්ම හේතුවෙන් ව්‍යාපාරිකයන් රට හැර ගිය බවත් මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතා පැවැසීය. කෙසේ වෙතත් පසුගිය රජය යටිතල පහසුකම් දියුණු කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා කීවේය. යටිතල පහසුකම් සැපයීමට වැඩි පොලී ණය ලබාගත් බවත් ඒ සඳහා ණය වාරික හා පොලී ගෙවීමට වැඩි මුදලක් ගෙවීමට සිදුවන බවත් අමාත්‍යවරයා පැවැසීය. මත්තල ගුවන්තොටුපොළ මොනරුන්ට රජදහනක් බවත් හම්බන්තොට වරායෙන්ද අපෙක්ෂිත ප්‍රතිඵල නොලැබෙන බවත් ඔහු පැවැසීය.