මත්තල ගුවන් තොටුපල ඉදිකිරීමට රුපියල් මිලියන 27,000 ක් වැය කළද එහි මාසික ආදායම රුපියල් 16,000 ක් බැවින් ගුවන්තොටුපල ඉදිකිරීමට වැය කළ මුදල නැවත සෙවීමට වසර 140,000 ක් පමණ ගතවන බව ජාතික හෙළ උරුමයේ මහලේකම්, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (22දා) පැවසීය.
හෝමෝ ඉරෙක්ටස් මානවයා හෝමෝ සේපියන් බවට පරිවර්තනය වීමටද ගතවූයේ මීට සමාන කාලයක් බව පෙන්වාදුන් පාඨලී රණවක මහතා මෛත්‍රී බුදුන් බුදුවනතුරු මෙම ණය මුදල ගෙවාගත නොහැකි බවත්, මහින්ද රාජපක්ෂ කොල්ලකා ඇත්තේ වසර ගණනකට නොව කල්ප ගණනකට ජීවත්ව සිටීමේ අරමුණෙන් බවත් පවසා සිටියේය.