තලෛයිමන්නාරම ඌරුමනේ දකුණු මුහුදු තීරයයේ කැලෑබද ප්‍රදේශයක තිබූ ඉන්දියාවේ නිෂ්පාදිත පෙති හා දුම්කොළ තොගයක් සොයාගත් අද 25දා සොයාගත් බව තලෛයිමන්නාරම පොලීසිය පවසයි.
තලෛයිමන්නාරම පොලීසියට ලැබුණු තොරතුරක් කළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය පොහොර මලු හයක දමා සඟවා තිබියදී සොයා ගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි. අත්අඩංගුවට පත් මෙම මත්ද්‍රව්‍ය ගොතය මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තලෛයිමන්නාරම පොලිසීය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.