එජාප පාක්ෂිකයා ඉල්ලන වෙනසට ඇස් බැන්දුම් නොකරන ලෙසත්,ඒකාබද්ධ කල්ලිය ගෙන ආ විශ්වාසභංගය පරාජය කරමින් නායකයා ආරක්ෂා කළ පමණින් දෙනදෙයක් කා වෙන දෙයක් බලාගෙන ඉන්න මන්ත්‍රීවරුන් බවට එයින් අදහස් නොවන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලලාල් බණ්ඩාරිගොඩ මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් ඉහළනායකත්වය තීරණයක් නොගතහොත් පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ස්වරය වෙනස් විය හැකි බවත් ඔහු සඳහන් කළේය.
ගාල්ල යක්කලමුල්ලේ දී අද (08දා) මාධ්‍යයට අදහස් දැක් වු ඒ මහතා මෙසේ ද පැවසීය.
“අපි පක්ෂය සහ අපේ නායකයා කොන්දේසි විරහිතව ආරක්ෂා කළා. ඒකෙන් අදහස් වෙන්නේ නෑ අපේ එහෙයියෝ වගේ ඉන්නෝන කියලා. ඒකෙන් අදහස් වෙන්නේ නෑ අපි බැදුම්කර සිද්ධිය සම්පුර්ණයෙන් අනුමත කරනවා කියලා. හැබැයි අපි ජාතික වගකීමක් යුතුකමක් ලෙස අපිට ඡන්දය දීපු මිනිස්සු වෙනුවෙන් සාධාරණය ඉටු කළා.
නමුත් අපි පසුපෙළ මන්ත්‍රීවරුන් හැටියට මේ ආණ්ඩුවෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වුණ අරමුණු මේ ආණ්ඩුවෙන් ඉටුවුනේ නෑ. ඒකයි ඇත්ත. හැබැයි මේක ඇතුලේ ඉදගෙන අගේ ඉදන් කන කාපු කට්ටිය දැන් හොඳටම පැහැදිලියි. ඒක නිසා මේ ආණ්ඩුවක් එක්ක ඉන්න බැරි ආතභූතයෝ ටික තොලොන්චිවෙලා ගියොත් හොඳයි කියන එකයි අපේ අදහස.
ඒ වගේම ගමේ පාක්ෂිකයා අපෙන් ඉල්ලනවා එක දෙයක්. පාක්ෂිකයාගේ පරම බලාපොරොත්තුව තමයි එජාපය දිනවන්න පුළුවන් දේශපාලන වෙනසක් ඕන කියන එක. එජාපය ජයග්‍රහණය කරා අරන් යන්න පුළුවන් අලුත් මුහුණුවරක් එජාපයට අවශ්‍යයි කියන එක. ඒ දේ අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි. ඒක තේරුම් අරගන්න බැරි නම් අපේ නායකයින්ට මම කියනවා ඒ වෙනස කරන්න. එජාප පාක්ෂිකයින් ඉල්ලන දේ දෙන්න.
ඒ වෙනස දකින්න ඇස් කන් පේන්නේ නැත්නම් ගද සුවද තේරෙන්නේ නැත්නම් එජාප පාක්ෂිකයෝ කියන ඒවා මොනවද බලන්න වෙස් වලාගෙන ගමට යන්න කියලා. හරියට ඒ කාලේ රජවරු වගේ. ඒ කාලේ රජාට දොස් කියනවා නම් ඒ කාලේ රාජා ඇවිත් වැරදි හදාගත්තලු. ඒ අනුව ප්රතිසංවිධායක් ඇතිකරන්න. අර මණ්ඩලය මේ මණ්ඩලය වගේ ඇස් බැන්දුම් නැතිව දැනෙන වෙනසක් කරන්න කියලා අපි කියනවා. මේ ඉල්ලීම බොහෝම ආයාචනාත්මකව කරන්නේ.”
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්