මඩු රක්ෂිතයට අයත් සින්නවිලායන්කට්ටු රක්ෂිත ප්රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණයේ දැව ජාවාරමක් ශ්රී ලංකා යුද හමුදාවේ 20 වෙනි සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් වැටලීමක් කොට ඇත.
යුද හමුදා සෙබලුන් අදාල විනාශ වූ රක්ෂිතය වැටලීම සිදු කරන අවස්ථාවේදී ජාවාරම්කරුවන් පලා ගොස් සිටි අතර පසුව ඒ පිළිබඳව මඩු අඩවි වන නිලධාරී එල්.ඒ.එස්.යාපා මහතාට දැනුම් දීමෙන් පසුව එම නිලධාරීන් ඊයේ (31දා) දින පැමිණ සිදු රන ලද සෝදිසි කිරීම් වලින් විශාල ප්රමාණයේ දැව කදන් 40 ක් පමණ සොයාගනු ලැබීය.