මඩවලට පිළිතුරු දෙන්නේ වැඩ කරලා
රතු කමිස ඇඳ ගත්තු පමණින් මිනිස්සු සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී නොසිටින බවත් තමාව බොරු නඩුවලට පටලවීමට, අපහාස කරීමට ඇතැමුන් උත්සාහ කරනබවත් මහා නගර සහ බස්නාහිර පළාත් සංවර්ධ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
කෙසේඋවද තමා මඩවලට පිළිතුරු දෙන්නේ වැඩ කරීමෙන් බවත් හෙතෙම අවධාරණය කළේ වේරැස් ගග ව්‍යාපෘතිය සඳහා පසුගිය රජය සමයේ අත්තනෝමතික ලෙස පවරාගෙන තිබූ ඉඩම් එම ජනතාවට නැවත කෘෂිකාර්මික කටයුතු සඳහා නිදහස් කිරීම වෙනුවෙන් පිළියන්දල බෝකුන්දර ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානයේ සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවකට අද(01දා) සහභාගී වෙමිනි.
කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු මේ බස්නාහිර පළාතේ ඇල මාර්ග ආශ්රිත ඉඩම් තියෙනවා 17%ක්. ඒවගේම පහත්බිම් කියලා අඳුනගත්ත කුඹුරු හා මඩවගුරු සහිත තෙත් බිම් ප්‍රදේශ ඉඩම් වලින් 30% ක් පමණ තියෙනවා. අනාගතයට මේවා ආරක්ෂා කර ගත්තේ නැත්නම් ඔය පසුගියදා ඇතිවුණා වගේ මහා ගංවතුර උවදුරකට මේවා යටත් වෙන්න නියමිතයි යැයිද අමාත්‍යවරයා පැවසීය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

