මඩකලපුව දිස්ත්‍රික්කය තුළපිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු ස්ථාන 46ක් හඳුනාගෙන ගවේෂණය කරමින් සිටින බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම වසර තුළදී කුසලාන මලෛ, පොණ්ඩුකච්චේන , පුළුකුණාව, කරදියනාරු යන පුරාවිද්‍ය ස්ථාන හතර කැණීම් කර සංරක්ෂණය කිරීමට සැලසුම් කර ඇතැයිද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මඩකලපුව දිස්ත්‍රික්කය තුළ පිහිටි විවේකානන්දපුරම් නටබුන් භූමියසහ කුසලාන මලෛ, කදිරවේලි, පොණ්ඩුකච්චේන, කන්නපුරම් යන පුරාවිද්‍යා ස්ථානය යන එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් විනාශ කර තිබුණු බවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ,2015 හා 2016 වසරවලදී මෙම සංරක්ෂණ කටයුතු සඳහා මුදල් වෙන්කර නොමැති බවත්,එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථානවලට සිදුකළවිනාශයන් පිළිබඳව සම්පූර්ණ තක්සේරු කිරීමක් කර නොමැති බවත්ය.
එල්.ටී.ටී.ඊය සිදුකළ විනාශය පිළිබඳව නීතිමය පියවර ගැනීම සඳහා නීති උපදෙස් ගැනීමට සිදුව තිබෙන අතර,2009 සිට 2015 දක්වා මෙම ස්ථාන සංරක්ෂණය කිරීමට වැඩපිළිවෙළක් සකස් කර නැතැයිද එම අමාත්‍යාංශය සඳහන් කරයි.