ශිෂ්‍යයින් දහසකට අධික පිරිසක් ඉගෙනුම ලබන මට්ටක්කුලිය උසස් ජාතික ඩිප්ලෝමා ආයතනය කිසිදු හේතුවක් නොමැතිව අද (22දා) වසා දැමූ බව උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.
සය මාසික ලියාපදිංචි ගාස්තුවක් අය කිරීමට තීරණය කිරීම හා නේවාසිකාගාර ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ශිෂ්‍යයන් පාලන අධිකාරියෙන් සිදුකළ විමසීම් හේතු කරගනිමින් අදාළ ආයතනය වසා දැමූ බවට පාලන අධිකාරිය සඳහන් කරන බව එම සංගමයේ ලේකම් එන්.එස්.ආර්. සිරිවර්ධන මහතා සඳහන් කළේය.
සය මාසික ලියාපදිංචි ගාස්තුවක් අය කිරීම නිසා සහ නේවාසිකාගාර ගාස්තු රුපියල් 3000 සිට රුපියල් 3600 ක් දක්වා ඉහළ දැමීම නිසා ලබුදූව, මට්ටක්කුලිය, යාපනය ප්‍රදේශවල පිහිටි ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2500 දැඩි දුෂ්කරතාවන්ට පත්ව තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.