තමා කිසි දිනෙක ස්විට්සර්ලන්තයේ හෝ වෙනත් රටක පුරවැසිභාවය ලබාගෙන නොමැති අතර, තමාගේ 61 වසරක වයස් කාලය තුළ තමාට ඇත්තේ එකම පුරවැසිභාවයක් පමණක් බවත්, එය ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුනු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසා සිටියේය.
ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී ගීතා කුමාරසිංහ මහත්මිය විසින් සති අන්ත පුවත්පතකට කරනලද ප්‍රකාශයකට පිළිතුරු ලබාදීම සඳහා පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් අමාත්‍යවරයා මෙසේ පවසා සිටි අතර, එය අසත්‍ය හා සාවද්‍ය ප්‍රකාශයක් බව පැහැදිලිව හා සෘජුව ප්‍රකාශ කරන බවද කීය.
එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ අදාළ මන්ත්‍රීවරිය කිහිප අවස්ථාවකදීම තමා සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශ කර තිබූ බවයි. එකී ඇතැම් ප්‍රකාශ සමහර වෙබ් අඩවිවල පළවී තිබූ බවත්, මහජනයා නොමග යවන මෙම ප්‍රකාශවලට පැහැදිලිව හා සෘජු ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙම පුවත්පත් සාකච්ඡාව කැඳවූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
තමා කිසි දිනෙක රට පාවා දෙන අයෙක් නොවන අතර, මාතෘ භූමිය මුල් තැනට තබාගෙන දේශපාලනය කරන කෙනෙක් බව මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව, මේ ප්‍රකාශයෙන් පසුවත් එතුමිය තමාට තවදුරටත් චෝදනා කරන්නේ නම්, එය තමා වෙනුවෙන් කරන අපහාසයක් ලෙස සලකා තමාගේ කීර්ති නාමයට කරන හානියක් ලෙස එතුමියට එරෙහිව නීත්‍යනුකූල පියවර ගැනීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.