මට මානසික ආතතියක් නෑ - චන්ද්‍රිකා
තමන්ට මානසික ආතතියක් නැති නමුත් වෙනත් අයෙකුට මේ වනවිට මානසික ආතතියක් පවතින බව හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවැසුවාය.
ඇයගේ නිළ නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් ප්‍රකාශ කළාය.
"මට නම් මානසික ආතතියක් නෑ. නමුත් තව එක්කෙන්ක්ට මානසික ආතතියක් හැදී තියෙනවා. මට කැස්ස නිසා රැස්වීම්වලට යන්නේ නෑ.ඩී.අයි.ජි. කෙනෙකුට ගහලා පොලිස් රෝහලේ නතරවෙලා ඉන්නවා. මමත් අවුරුදු 12ක් පක්ෂයේ නායිකාව වෙලා හිටියා. නමුත් මැතිවරණයට ආණ්ඩුවේ සල්ලි යොදා ගත්තේ නෑ." යැයි ඇය පැවසුවාය.
මෙම මාධ්‍ය හමුවේදි ඇය තවදුරටත් සඳහන් කළේ යුද්දයෙන් 75%ක් පමණ අවසන් කළේ තමන් බවයි.
මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ටයන් කීප දෙනෙකු විපක්ෂයට පැමිණෙන බවට කතා පැතිර යෑමත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ කොළඹ නිවසේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්වීමත් නිසා අතිවිශාල මාධ්‍යවේදීන් පිරිසක් එය ආරම්භ කිරීමට පැමිණ සිටියහ. එහෙත් එය සිදු නොවී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිල් මාරු කිරීමක් දැක ගත හැකි විය.
මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල ප්‍රදේශීය සභා මන්ත්‍රී ඉන්දික රාජපක්ෂ, මිනුවන්ගොඩ ප්‍රදේශිය සභා මන්ත්‍රී සොමරත්න දියනෙත්ති, හලාවත් නාගරික මන්ත්‍රිනී ජීවනී කාරියවසම් යන අය පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට විපක්ෂයට එක්වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

