බොහෝ අමාත්‍යවරු තමන්ට පවසනුයේ ‘ක්ලීනින් සර්විස් එකේ සභාපති’ යනුවෙන් බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවැසූයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව වසර සඳහා වැඩ ආරම්භ කිරීමේ නිල උත්සවයට අද (02දා) සහභාගි වෙමිනි.
ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට ඉඩනොදෙන බවත් එහිදී ඒ මහතා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,
“මේ වගකීම භාර දෙනකොට මට ජනාධිපතිතුමා කතා කරල කිව්වේ ප්‍රශ්න ගොඩාක් තියන තැනක් මේක බලල හදලා දෙන්න කියලා. මට අගමැතිතුමත් කිවුවේ ඒක. මට වරාය භාර දෙනකොට ඒ දෙන්නම මට කිවුවෙත් ලේසි තැනක් නෙවෙයි සුද්ද කරලා දෙන්න කියලා. මට අපේ ඇමතිවරු හුඟක් කියන්නේ ‘ක්ලීනින් සර්විස්’ එකේ සභාපති කියලා. හැබැයි මම ඒ භාර ගත්ත දේවල් ඉතාමත් ඕන කමින් කරලා ලාභදායී තත්ත්වයකට පත්කරලා තියෙනවා” යැයි පැවසීය.