මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා තමන්ට පක්ෂය බාරදුන්නානම් එය තමන්ට කරගෙන යාමට අවස්ථාව දිය යුතු බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පැවැසිය.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ඊයේ (16දා) හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව පැවැසිය.
"මහින්ද රාජපක්ෂ මහතා ජනපතිධුරයට පත්වුණාට පස්සේ චන්ද්රිකා කුමාරතුංග මැතිණිය මහින්ද රාජපක්ෂ මහත්තයට පක්ෂය බාරදුන්නා. එතන ඉදන් පක්ෂයේ වැඩකටයුතු කෙරෙනවද?, තියෙනවද කියලා එතුමිය බැලුවේ නෑ. පක්ෂය බරදුන්න කෙනාට පක්ෂය කරගෙන යන්න දුන්නා. තමුන්නාන්සේලාත් මහින්ද රාජපක්ෂ මහත්තයත් මට පක්ෂය බාරදුන්නානම් මට මේ පක්ෂය කරගෙන යන්න දෙන්න ඕන.ඒක බොහොම පැහැදිලිව මම කියන්න ඕන.
තමුන්නාන්සේලාගේ හෘද සාක්ෂිය තුළ තමුන්නාන්සේලා තින්දු කරන්න. මම සභාපතිවුණාට පස්සේ පක්ෂයට ප්රජාතන්ත්රවාදය ලැබිලයි කියලා තම තමන්ට ඕන විදියට කතා කරන්න පටන් අරගෙන තියෙනවා.ඒක හොඳ ලක්ෂණයක්. " යැයි හෙතෙම පැවැසීය.
.jpg)