තම මන්දිරය නැති වුවත් විවිධ මන්දිර දී ඇති බවත් ඉදිරියේදී තමන්ට පහසු මන්දිරයකට යන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
ඊයේ (31දා) පස්වරුවේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවැති මහාවීරවංශය පොත දොරටු වැඩීමේ උත්සවයට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව පවැසීය.
Q පී කොක් මන්දිරයට යනවද?
මට නොයෙකුත් මන්දිර, තව මන්දිර දීලා තියෙනවා. මගේ මන්දිරය නැති වුණත් තාම. බලලා මට පහසු එකකට යනවා.
Q බැසිල් රාජපක්ෂ මහතා නැවත ලංකාව එනවද?
ඒවි. ප්‍රශ්නයක් නෑ ඒවි. එයා කියලා තියෙනවානේ එනවා කියලා.
Q ඔබතුමා ඉල්ලනවද නැත්ද කියලා තාම තීරණයක් නැද්ද?
තාම ඉතින් බලන්න ඕන. තාම විවේක ගන්නවා.
Q ඔබතුමා වීර නායකයෙක් කියනවා එතකොට මේ තීරණය ගන්න ඔබතුමා මොකද පරක්කු?
නෑ ඉතින් ඒක තමයි වීරත්වය. ප්‍රමාද වීම. නමුත් පක්ෂය කියන්නෙ නෑනේ.