සිය පුතාගේ ජීවිතයට තර්ජනයක් ඇතැයි සිරගත කොට ඇති කුමාර් ගුණරත්නම්ගේ මව අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. කුමාර් ආගමන විගමන නීති කඩකිරීමේ චෝදනා යටතේ වසරක සිර දඬුවමකට යටත් වූ අතර මේ වන විට ඔහු අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටියි.
මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාර්ගේ මව.
“මගේ පුතාට පුරවැසි භාවය දෙන්න කියලා වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටියා. ඒවට පිළිතුරු තුනක් ලැබුණත් කිසිම දෙයක් වුණේ නෑ. 1989 වසරේදී මගේ ලෝකු පුතා මට අහිමිවුණා. මට ඉන්නේ මේ පුතා විතරයි. එයාට පුරවැසිභාවය දෙන්න බැරි ඇයි. එයා කෑගල්ලේ හිටියේ දැන් එයාව අනුරාධපුරයට (බන්ධනාගාරයට) ගෙනිච්චේ ඇයි. අපට ගියාම බලන්නත් බෑ. දැන් එයාට දඩුවම් දීලා. එයාව ඈත පළාතකට දාලා. ඒ ගැන මට සැකයි. එයා ලෙඩෙක්. මෙයාගේ ජීවිතයට හානියක් වෙයිද කියලා අපිට සැකයි.” යැයි පැවැසීය.