“විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය කියන්නේටෙලිග්රෑම් ගහන එක නොවෙයි. දැන් ඒක තමයි ලංකාවේ අනාගතය රඳාපවතින අමාත්‍යාංශය” යැයි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරින් ප්‍රනාන්දු මහතා මුතියංගණ විහාරස්ථානය ඉදිරිපිට පැවැති ජන හමුවකදී පැවසීය.
“කැබිනට් ඇමති කෙනෙක් වුණා කියලා එදා හිටපු හරින් කවදාවත් වෙනස් වෙන්නේ නෑ. ඒ හිටපු එකා එහෙමම තමයි. ඕක ගත්ත වෙලාවෙ මගේ පපුවත් ඩිග් ඩිග් ගාලා ගැහෙන්න ගත්තා. මොකක්ද දන්නෙ නෑ මේ හම්බවුණේ කියලා. හැබැයි හොයාගෙන එනකොට තමයි තේරුණේ වැදගත් අමාත්‍යාංශයක් කියලා. අපට විරුද්ධව වස පෙන්නපු අයත්, වළලු පෙන්නපු අයත් දැන් අපේ ආණ්ඩුවටම ඇවිත් ඉන්නවා. යහපාලනයේ හැටි එහෙමයි. හැබැයි අපි කිසිම දෙයකින් සැලෙන්නේ නැතිව අපේ ගමන යායුතුයි”යනුවෙන්ද ඔහු කීය.