එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා සමග සාකච්ඡා කර තමන්ගේ මන්ත්රී ධුරය පිළිබඳව ඉදිරි දින කිහිපයේදී තීරණයක් ගන්නා බවත්, තමන් ඉල්ලා අස්වන බවත්, ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බවත් පාර්ලිමේන්තු මන්ත්රී පාලිත තෙවරප්පෙරුම මහතා පැවසීය.
අලුත්ගම - දර්ගා නගරය ආශ්රිතව ඇති වූ සිද්ධිදාමයෙහි වගකීම භාරගෙන පොලිස්පතිවරයා ඉවත්විය යුතු බවත්, එසේ නොවුණහොත් තමා ඉල්ලා අස්වන බවට මීට පෙර කළ ප්රකාශය ඒ අයුරින්ම ක්රියාත්මක කරන බවත්, මන්ත්රී ධුරයට වඩා ජනතාව වටිනා බවත් මන්ත්රීවරයා අවධාරණය කළේය.