පාර්ලිමේන්තු පරිශ්රයෙන් බාහිරව ආරක්ෂාව සැපයීමේදී ඒ පිළිබඳව පූර්ව දැනුම්දීමක් හෝ අවසරගැනීමක් අනිවාර්ය නොවන්නේ යැයි කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට ප්රකාශ කළේය. ඊයේ (03දා) පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා මතුකළ ප්රශ්නයකට කරුණු දැක්වීමක් ලෙස කථානායකවරයා අද (04දා) පාර්ලිමේන්තුවට මේ බව පැවසීය. කෙසේ වෙතත් මින් පසු පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනවලදී පාර්ලිමේන්තුව පිටතට ආරක්ෂාව යොදවනවානම් ඒ පිළිබඳව කථානායකවරයා දැනුවත් කරන ලෙස ඉල්ලීමක් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී අදහස් දක්වමින් අගමැති රනිල් වික්රමසිංහ මහතා කියා සිටියේ, හමුදාවට පොලීසියට තමන්ගේ වැඩ කටයුතු කරගෙන යාමට ඉඩදී දේශපාලඥයින් එයට ඇතුළු නොවන්නේ නම් ගැටලුවක් ඇති නොවන බවත්, නියෝග ලබාදුන්නද නොදුන්නද ක්රියාත්මකවීම ඔවුන්ගේ වගකීම බවත්ය.
එමෙන්ම අමු අමුවේ මරා දැමුණු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දෙදෙනා පිළිබඳවද මෙලෙසම කතාකරන ලෙස අගමැතිවරයා පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කළේය.