බස් රථයකින් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන යමින් සිටි 47 හැවිරිදි පුද්ගලයෙක් ඇල්ල - වැල්ලවාය මාර්ගයේ රාවනාඇල්ල ප්‍රදේශයේදී ඊයේ (21දා) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි .
ඇල්ල පොලිසියේ නිලධාරින් ක්ෂණික මාර්ග බාධක යොදා වාහන පරික්ෂාවේ යෙදි සිටියදි තණමල්විල සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වෙමින් තිබු බස් රථයක සිටි සැකකරු කොටුවී ඇත .
වෝටර් ජෙල් වර්ගයෙ අධිබලැති පුපුරන ද්‍රව්‍ය ග්රැම් 700 ක් සහ අඩංගු කරල් 5 ක් ඇමෝනියම් නයිටිට්රේට් ග්රැමි 250 ක් වෙඩිනූල් අඩි 64ක් සහ ඩෙටනේටර් 10 ඔහුගේ ගමන්මල්ලේ තිබූ බව ද පොලීසිය සදහන් කරයි.
බදුල්ලේ පාලිත ආරියවංශ සහ ඇලල් ප්‍රසාද් රුක්මල්