මගී බස් රථ රියදුරන්ට ආචාරධර්ම පද්ධතියක්
බරවාහන රියදුරු බලපත්‍රයක් ලබා වසර 2කට පසුව බස් රථ පැදවීමේ අවස්ථාව
මගී බස් රථ ධාවනය කරන සියලුම රියදුරන්ට ආචාරධර්ම, ප්‍රථමාධාර ලබාදීම පිළිබඳව හා කාර්මික දැනුම ලබාදීමට කටයුතු කරන බවත්, ලබන වසරේ සිට බරවාහන රියදුරු බලපත්‍රයක් ලබාගෙන වසර 02 ක් ගතවනතුරු මගී බස් රථ ධාවනය කිරීමට අවස්ථාව ලබා නොදෙන බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් ඒ. ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.
ඊයේ (10දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ සහකාර කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවේ, දැනට මගී බස් රථ ධාවන කරන රියදුරන්ට මෙම පුහුණුව ලබාදීම හෙට (12දා) සිට ආරම්භ කරන බවත්, මෙය ලංකාව පුරාම දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන බවත්ය.
මෙම දැනුම නොමිලේ ලබාදෙන බවත්, එහෙත් එම දැනුම පිළිබඳව රියදුරු බලපත්‍ර‘යේ සටහන් යෙදීමට යම් මුදලක් අයකරන බවත් ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.
පුහුණු පාඨමාලා සාර්ථකව අවසන් කළ පසු රියදුරු බලපත්‍ර‘යේ P.T (ජනතාව ප්‍රවාහනය කරන) ලෙස සඳහන් කරන බවත්, මෙම සටහන නොමැතිව ලබන වසරේ සිට බස් රථ ධාවනය කිරීමට අවස්ථාව ලබානොදන බවත් ඔහු පවසා සිටියේය.
ලබන වසරේ සිට බර වාහන බලපත්‍ර ලබාගන්නා රියදුරන්ට මගී බස් රථ ධාවනය කිරීමට අවශ්‍ය නම් බලපත්‍රය ලබාගෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පුහුණු පාඨමාලා හදාරා වසර 02 ක රිය පැදවීමේ පළපුරුද්දක් ලබාගත යුතු බවද සහකාර කොමසාරිස්වරයා පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

