මක්කම සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ස්වර්ණාභරණ තොගයක සමග පුද්ගලයෙකු ඊයේ (04දා) සවස රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මොහු කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. සෞදි අරාබියේ මක්කම සිට පැමිණි ඕමාන් ගුවන්යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණු අතර, ඔහු රැගෙන ආ ගමන් මල්ලේ වූ රෙදි - පිළි අතර සූක්ෂම අයුරින් රැගෙන ආ මෙම ස්වර්ණාභරණ තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
ඒවා අතර වළලු , මුදු සහ පෙන්ඩන්ට් තිබූ අතර, ඒවායේ මුළු බර ග්‍රෑම් 814.16 ක් බවත්, එම ස්වර්ණාභරණ තොගයේ වටිනාකම රුපියල් හතළිස් හතර ලක්ෂ හැත්තෑ දෙදහස් තුන් සිය අසූවක් (4,472,380) බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
ස්වර්ණාභරණ තොගය රාජසන්තක කර ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය.