වත්තල මාබෝල නගර සභා සීමාවේ පිහිටි ශරීර සුවතා මංතීරුව යළි ක්‍රමවත්ව සකස් කිරීමට පියවර ගන්නා බවත් ඒපිළිබඳව ප්‍රදේශවාසින් ද දැනුවත් කර ඇති බවත් සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජොන් අමරතුංග මහතා පවසයි.
පසුගිය රජය මෙම මංතීරුව ඉදිකර ඇත්තේ පෞද්ගලික ඉඩම් හිමියන්ගේ අවසරයකින් තොරව බවට මේ වන විට පැමිණිලි ලැබී ඇති බවත් ඒ සඳහා වන්දි ලබාදීමට එම බලධාරින් පොරොන්දු වුවද ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසා තිබේ.