එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මංජුල බුද්ධදාස මහතා මැතිවරණ ප්රචාරක කටුයතු සඳහා කඩුවෙල මහ නගර සභාව සතු දේපළ භාවිත කරන බව කැෆේ සංවිධානය පවසයි.
එසේම අද (23දා) සවස කඩුවෙල දියත උයන සිට සුභූති මාවත දක්වා දිවෙන මාර්ගයේ පැවැත්වෙන රැස්වීමක් සඳහා සැරසිලි කටයුතු සිදුකිරීමට කඩුවෙල නගර සභාවේ සේවකයන් යොදවා ඇති බවත්, සැරසිලි ද්‍රව්‍යය ප්‍රවාහනය සඳහා කඩුවෙල මහ නගර සභාවේ අංක 8652 දරණ මහේන්ද්‍රා වර්ගයේ ට්රැක්ටරය යොදාගෙන ඇති බවත් කැෆේ සංවිධානය පවසයි. මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා ලිපි මගින් දැනුම්වත් කිරීමටත් කැෆේ සංවිධානය කටයුතු යොදා ඇත.
එසේම අද වන විට මැතිවරණයට අදාල පැමිණිලි 328ක් ලැබී ඇති බවද, එයින් වැඩිම ප්‍රමාණයක් ලැබී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවද කැෆේ සංවිධානය පෙන්වා දෙයි. ඒ අනුව බස්නාහිර පළාතෙන් පැමිණිලි 199ක්, දකුණු පළාතෙන් පැමිණි 118ක් හා පළාත් දෙකටම පොදුවේ පැමිණිලි 11ක් ලැබී තිබේ.